Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි සොයන ජිනිවා කමිටුවට වැය ශීර්ෂයකුත් සම්මතයි




ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එක්රැස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් පත් කරගත් 12 දෙනෙකුගෙන් යුත් කමිටුව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 02 යි දශම 8 ක වැය ශීර්ෂයක් සම්මත කර ගෙන ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී අනාවරණ කෙරුණ.

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මතවීමටත් පෙර මෙම වැය ශීර්ෂය මිචෙල් බැචලේ විසින් සම්මත කර ගෙන ඇති බවයි  එම වැඩසටහනට එක්වූ දිවයින පුවත්පතේ විදෙස් පුවත් කතෘ කීර්ති වර්ණකුලසූරිය සඳහන් කළේ. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද මෙම වැඩසටහනට එක්වුණා.