Wednesday, May 15, 2024

General line - 0115112241

දේශීය හා ආයුර්වේද ඇතුළු පිළිගත් වෛද්‍යවරුන් වෙද වරුණ වෙබ් අඩවියට ඇතුළත් කරන්න ඔබටත් අවස්ථාව




දිවයින පුරා විසිරී සිටින දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු පෙරදිග වෛද්‍ය ක්‍රමය තුළ පිළිගත් වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ලැයිස්තු ගත කිරීම  www.wedavaruna.lk වෙබ් අඩවිය විසින් ආරම්භ කර තිබෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ සොබාදහම සහ ඉපැරණි දැනුම ඔස්සේ ජනතාව දැනුවත් කරන පෙරදිග වෛද්‍ය ක්‍රමය තුළ සිදු කරන ප්‍රතිකාරයෙන් හුදෙක් ප්‍රතිකාරයට එහා ගිය ප්‍රාතිහාර්යක් ද වනවා.

එවැනි හැකියාවෙන් පිරිපුන් අපේ වෙදැදුරන්ගේ දැනුම සහ විශ්මිත ප්‍රතිකාර තවදුරටත් ජනතාව අතර ව්‍යාප්ත කිරීම මෙන්ම ඔවුන්ට වටිනාකමක් ලබාදීම සදහා ඔබටද දායක විය හැකිය. ඒ සදහා ඔබ කළ යුත්තේ වෙද වරුණ වෙබ් අඩවියට පිවිස ඔබ දන්නා දේශීය,ආයුර්වේද හෝ වෙනත් පිළිගත් විකල්ප වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හා වෛද්‍ය මධ්‍යස්ථාන මෙම වෙබ් අඩවියට ඇතුළත් කිරීමයි.

ඔබේ ඇතුළත් කිරීම් වලට වඩාත් වැඩි වටිනාකමක් ලබාදෙමින්  “ඉසිවර වෙද අරුණ “ යටතේ එම වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර සදහා රක්ෂණ ආවරණ ලබාදීමට සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් කටයුතු කරමින් සිටියි.

ඒ අනුව ඔබේ ඇතුළත් කිරීම් අතුරින් තෝරාගන්නා වෛද්‍යවරුන් ,රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්තාන වෙතින් ලබාගන්නා නේවාසික ප්‍රතිකාර සදහා වන වියදම ආවරණය කරගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට අවස්ථාව හිමිවනවා.

ඔබත් දන්නා මෙවැනි විශ්මිත පාරම්පරික රෝහල් වෛද්‍යවරුන් සිටිනවානම් ඔවුන්ගේ විස්තර www.wedavaruna.lk වෙබ් අඩවියට ඇතුලත් කරන්න.

එවිට සොෆ්ට්ලොජික් ලයිෆ්  විසින් මෙම ආයතන පිලිබඳ ඇගයීමට ලක් කොට ඔවුන් ඉසිවර වෙද අරුණ පහසුකම සදහා ලියාපදිංචි කරනු ලබයි..

ඔබේ ජීවිත සුවපත් කරන ඉසිවරුන් බදු වෙදැදුරන්ගේ සේවය අගයන්න, මෙතැනින් වෙද වරුණ වෙබ් අඩවියට පිවිස ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කරන්න.

වෛද්‍යවරුන් හා ප්‍රතිකාර මධ්‍යස්තාන වල තොරතුරු මෙතැනින් ඇතුළත් කරන්න