Saturday, May 11, 2024

General line - 0115112241

හෙරොයින් සමග ඉන්දීය අත්අඩංගුවට පත් වූ ධීවරයින්ට මත්කුඩු සැපයූ ජාලය සොයා විමර්ශන




හෙරොයින් කිලෝ 300 ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් මගින් අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා ඉන්දීය බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

අදාළ සැකකරුවන්ට හෙරොයින් සපයන පුද්ගලයින් සහ එලෙස ලබාගන්නා හෙරොයින් ලබා දෙන්නේ මෙරට කුමන පුද්ගලයින්ටදැයි සොයා විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.