Monday, May 6, 2024

General line - 0115112241

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹින්




ඊයේ දිනයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් කොලඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 211 ක් වන අතර ඉන් 70 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 

මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා.