Tuesday, May 7, 2024

General line - 0115112241

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට




වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පියතිස්ස ගමගේ ප්‍රියන්ත කවිඳු අබේසූරිය, වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කවිඳු අබේසූරියට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමආරච්චි පත් කරනු ලැබුවා. එම පරීක්ෂණ වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත ලැබීමෙන් අනතුරුවයි අදාළ ධූරයෙන් ඉවත් කිරීම සිදු කර ඇත්තේ.

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රියන්ත කවිඳු අබේසූරිය 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 185 - 1 වගන්තියට අනුව වරදවල් කර ඇති බවට සනාථ වී ඇති බව ද උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.