Tuesday, May 7, 2024

General line - 0115112241

ගෙවුණු පැය 24 දීත් මහමග අනතුරුවලින් දොළොස් දෙනෙකුට දිවි අහිමි වෙයි




මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනය තුළ පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර, හග්ගල ප්‍රදේශයේ ඊයේ සිදු වූ රිය අනතුරට අදාළ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා. 

මේ අතර, යතුරුපැදි අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙහෙයුම් යටතේ විවිධ වැරදි සම්බන්ධයෙන් යතුරුපැදිකරුවන් 4,511 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.