Tuesday, May 7, 2024

General line - 0115112241

යලි පිබිදෙන ඓතිහාසික කූරගල පුජා භුමියේ මහා සංඝරත්නය ශ්‍රමදානයක (PHOTOS)




යලි පිබිදෙන ඓතිහාසික කූරගල පුජා භුමියේ මේ වන විට මහ සඟරුවනේ ප්‍රධානත්වයෙන් මේ වන විට ශ්‍රමදානයක් ආරම්භ කර තිබෙනවා. එම ශ්‍රම දානය සඳහා සියයකට අධික මහ සංඝරත්නය මෙන්ම සාමාන්‍ය ජනතාවද එක්ව තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඓතිහාසික කූරගල පුජා භුමිය  යළි මෙරට සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ගෞරවනීය ස්ථානයක් බවට පත් කිරීමේ මහා පුණ්‍යකර්මය දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. ඒ, නෙත් එෆ් එම් රේඩියෝවේ මූලිකත්වයෙන්.

වසර ගණනාවක් මෙම පුදබිම විවිධ අන්තගාමින් ගේ ග්‍රහණයට නැතුව තිබු අතර මේ වන විට පුජා භුමියේ නව චෛත්‍ය රාජයාණන් ඉදිකිරීමේ කටයුතු සඳහා ද පසුගියදා මුල්ගල තැබීම සිදුකෙරුණා.

ඓතිහාසික කූරගල පුජා භුමිය යලි සංවර්ධනය කිරීම සඳහා මහා සංඝරත්නය දැඩි උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව කටයුතු කිරීම එම පුජා භුමිය අවට පදිංචිව සිටින ජනතාව ද දැඩි උද්යෝගයකින් ඒ සඳහා සිය දායකත්වය ලබාදීමක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.