Saturday, May 11, 2024

General line - 0115112241

පෑලියගොඩ ගුවන් පාලම අසලදී මෝටර් රථයක් ගිනි ගනියි (VIDEO)




පෑලියගොඩ ගුවන් පාලම ආසන්නයේ මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ මාර්ගවල රථවාහන තදබදයන් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථයක් සහ ගිනි නිවන භටයින් 08 දෙනෙකු එම ස්ථානය වෙත යොමු කර ඇති බව නෙත් නිවුස් කළ විමසීමකදී ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.