Sunday, May 12, 2024

General line - 0115112241

වහබ්වාදය පැතිරූ දෙදෙනෙකු TID අත්ඩංගුවට




වහාබ්වාදී මත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ තවත් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් දෙදෙනෙකු බවයි. 

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කටාර් රාජ්‍යයේදී අයි එස් මතවාදයන් හදාරා ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.