Sunday, May 12, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සෙවූ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනපතිට




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම කමිටුවේ වාර්තාව පසුගිය 15 වනදා භාර දීමට නියමිතව තැබූ අතර වැඩිදුර විමර්ශනය සඳහා කමිටුව විසින් තවත් සති 02 ක කාලයක් ලබාගෙන තිබුණා.