Sunday, May 12, 2024

General line - 0115112241

වන විනාශයන් ගැන ජාත්‍යන්තරය දැනුවත් කරන බව එජාපය කියයි




සිය පක්ෂය රට පාලනය කළ සමයේ ලෝක උරුම සහ ජාතික උරුම ලෙස පත් කෙරුණු ස්ථාන රැසක් මේ වනවිට පරිහානියට පත් වෙමින් ඇති බව, එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කරමින් අදාළ ස්ථාන ආරක්ෂාවට පියවර ගන්නා බවයි සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.