Sunday, May 12, 2024

General line - 0115112241

බස්නාහිර හා සබරගමුවට අදත් වැසි




බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, උතුරු සහ වයඹ යන පළාත්වලට තරමක තද සුළං ඇතිවිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකියි. කෙසේ වෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතීන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.