Tuesday, May 7, 2024

General line - 0115112241

ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 06 ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය




කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා මිලියන 06 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින්. ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රාවක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 9.95 ක් ලෙසයි. 
ඒ අනුව ස්පුට්නික් ෆයිව් එන්නත් මාත්‍රා මිලියන 06 ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලකට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. 

මේ අතර, ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියනයක් අප්‍රේල් මස අවසානයේදී දිවයිනට ගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. එලෙස ගෙන එන එන්නත් මාත්‍රා, මීට පෙර පළමු එන්නත ලබාගත් පුද්ගලයින්ට මැයි මාසයේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.