Monday, May 6, 2024

General line - 0115112241

ඊයේ කොවිඩ් ආසාදිතයින් 159ක්




මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 56 ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 14 දෙනෙකු ද ඊයේ වාර්තා වුණා.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 05 ක්. එම මරණ කොළඹ 10, යාපනය, බත්තරමුල්ල යන ප්‍රදේශවලින් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 93,595 ක්. ඉන් ආසාදිතයින් 90,563 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2,446 දෙනෙකු පමණයි. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 586 ක්.