Tuesday, May 7, 2024

General line - 0115112241

කුලියාපිටියේ බුදු පිළිම වලට හානිකල ඉන්දියානුවා බන්ධනාගාරයේදී මියයයි




කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවළට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඉන්දීය ජාතිකයා හදිසියේ ඇතිවූ අසනිප තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, චන්දන ඒකනායක සඳහන් කළේ ඊයේ රාත්‍රීයේ ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් එම සැකකරු වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මියගිය සැකකරුගේ සිරුර වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අධිකරණ නියෝග ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 19 වනදායි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියා.