Tuesday, May 7, 2024

General line - 0115112241

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සැරසෙයි




පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.

එහිදී තීරණය වී ඇත්තේ ලබන 19 වනදා පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි.

මෙම පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවටයි ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවේ.

මේ අතර, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ සියළු පාර්ශවයන්ට දඬුවම් ලබාදිය යුතු බව කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය බවයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.