Tuesday, May 7, 2024

General line - 0115112241

කොළඹින් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ




අවුරුදු සමයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පිරිස් සඳහා සංචරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙවර අවුරුදු සමයේදී සෞඛ්‍යාරක්ෂිතව සිය අවශ්‍යතා ඉටු කරගැනීම සියළුදෙනාගේ වගකීම බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.