Tuesday, May 21, 2024

General line - 0115112241

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ සිද්ධිය ගැන අමාත්‍ය අරුන්දිකගෙන් පැහැදිලි කිරීමක්




ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එම රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින්, වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ තීරණය වී ඇත්තේ, එම පැහැදිලි කිරීම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තුවේදී ද සිදු කළ යුතු බවයි.