Tuesday, May 7, 2024

General line - 0115112241

පාම් ඔයිල් ආනයනය නවතන ගැසට් නිවේදනයේ වෙනස්කම් සිදුවිය හැකියි - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල




පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළව නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයේ, කාලීන අවශ්‍යතා මත යම් වෙනස්කම් සිදු විය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උපදෙස් ලබාදී තිබුණා. 

ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් මෙලෙස විමසීමක් කළා.