Tuesday, May 7, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගැනේ




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නවුෆර් මවුලවී පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර අද ප්‍රකාශ කළා. ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසා සිටියා.