Tuesday, May 7, 2024

General line - 0115112241

බහුජාතික සමාගම් නිසා දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් අර්බුදයක




දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීමෙන් මෙරට පරිභෝජනයට අවශ්‍ය පිරිසිදු පොල්තෙල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීම අසීරු වී ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා නෙත් නිවුස් වෙත සඳහන් කළේ බහු ජාතික සමාගම්වල අනිසි ක්‍රියා හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් අර්බුදයකට ලක්ව සිටින බවයි. 

මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් 700 ක් පමණ සිටින අතර මෙරටට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඔවුන් සතුව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කෙසේ වෙතත්, පොල් හිඟය සහ බහුජාතික සමාගම් විසින් වැඩි පොල් සංඛ්‍යාවක් අපනයනය කිරීම හේතුවෙන් පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන් අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා.