Tuesday, May 7, 2024

General line - 0115112241

නුවරඑළියේ මදුරු ගහණයත් ඉහළට - පරිසරවේදීන් හේතු පෙන්වයි




මේ දිනවල මෙරට බොහෝ ප්‍රදේශවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්. මේ වනවිට ගෝලීය උණුසුම ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති සහ වන සංහාරයන් ද ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු වී ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

උෂ්ණත්වය පිළිබඳව මෙරට ස්ථානගතව කළ පරීක්ෂණවලදී විවිධ ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 සිට 2.5 දක්වා ඉහළ ගොස් ඇති බව ද පරිසරවේදීන් පෙන්වා දෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ග්‍රාම අභිවෘද්ධි පරිසර සංරක්ෂණ පදනමෙහි අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස.

සාමාන්‍යයෙන් ශීත කාලගුණයක් පවතින ප්‍රදේශවල මදුරු ගහණයක් නොමැති නමුත්, මේ වනවිට ගෝලීය උණුසුම වැඩි වීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මදුරු ගහණය ද ඉහළ යමින් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.