Tuesday, May 21, 2024

General line - 0115112241

සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය




අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන එලෙස තහනම් කෙරුණු ඉස්ලාම් සංවිධාන කිහිපයක්.

එමෙන්ම දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි එස් අයි එස් සංවිධානය, අල් කයිඩා සංවිධානය, සේව් ද පර්ල්ස් සංවිධානය සහ සුපර් මුස්ලිම් සංවිධානය යන අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඉස්ලාම් සංවිධාන එලෙස තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන.