Tuesday, May 7, 2024

General line - 0115112241

සී අයී ඩී අධ්‍යක්ෂ පුටුව යළිත් මාරු වෙයි




අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නව අධ්‍යක්ෂවරයා ලෙස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න පත්කර තිබෙනවා. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම සදහා ජනාධිපතිවරයා දුන් උපදෙස් මතයි. ඒ අනුව හිටපු අධ්‍යක්ෂ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසය වෙත මාරුකර යවා තිබෙනවා. නව රජය පත්වු පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂ ධුරයට පත්කල සිව්වන පුද්ගලයා වන්නේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.

රොහාන් ප්‍රේමරත්න, ගල්කිස්ස ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්සේ මත්කුඩු මෙන්ම පාතාලය මර්දනය කිරීමටත් ,රුපියල් කෝටි හතලිහක් හුවමාරුවු මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුමක් ඇතුලු ගිණුම් හෙලිකර ගැනීමටත් සමත්වු දක්ෂ වීමර්ෂණ නිලදාරියෙකු ලෙයසි සැලකෙන්නේ. පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස විසි වසරක පමණ අත්දැකිම් ඇති ඔහු අපරාධ මර්ධනයට දක්ෂතා දැක්වු අයෙක් වනවා.