Tuesday, May 7, 2024

General line - 0115112241

අහඹු පොල්තෙල් සාම්පල් 109ක පරීක්ෂණ වාර්තා එයි




මෙරට වෙළදපොලේ ඇති පොල්තෙල්වලින් සියයට 90කට ආසන්න ප්‍රතිශතයක්  තුල ඇෆ්ලටොක්සින් නැමති පිලිකාකාරකය අඩංගු නොවන බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ, දිවයින පුරා අහඹු ලෙස ලබා ගත් පොල්තෙල් සාම්පල සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණවලදීයි. 

සමාගම් තුනක් විසින් මෙරටට ගෙන් වු පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමැති පිළිකා කාරකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට ඉකුත්දා තොරතුරු අනාවරණය වුණා. ඒ අනුවයි දිවයිනම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල ලබා ගැනීමට කටයුතු කෙරුණේ.මෙම පරීක්ෂණ සඳහා පොල්තෙල් සාම්පල 125ක් ලබා ගෙන තිබුණා. ඉන් සාම්පල 109ක පරීක්ෂණ වාර්තා මේ වන විට ලැබී තිබෙනවා. එම කිසිදු සාම්පලයක් තුළ ශරීරයට අහිතකර පිලිකාකාරක අඩංගු නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. මෙම පරීක්ෂණයේදී සලකා බැලූ නිර්ණායක මොනවාද? මේ, පාරිභෝගක ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න.

මේ අතර ‘පොල්තෙල් සහ ආහාර විෂ එකතුවීම පිළිබඳ විද්වත් කථිකාව' යන මාතෘකාව යටතේ වැඩමුළුවක් අද පැවැත්වුණා. ඊට එක්වු කැළණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසුවේ, ඇෆ්ලටොක්සීන් ශරීරගත වූ විට සොයා ගැනීම පවා අපහසු බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර පොල්තෙල් මාතෘකාව සම්බන්ධයෙන් රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගමද මෙලස අදහස් පල කළා.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ විෂ පොල්තෙල් මෙරටට ගෙන්වූ පිරිසට එරෙහිව දැඩි පියවර ගත යුතු බවයි. 

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල අඩංගු පිලිකාකාරයක් ලෙස සැලකෙන ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය සම්බන්ධ නීිති දැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි නෙත් නිවුස් ඉකුත්දා පළමුවරට අනාවරණ කළා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමිතියට අනුව මෙරටට ගෙන්වන ඕනෑම ආහාරයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය අංශු බිලියනයකට අංශු කොටස් 30කට අඩු විය යුතුයි. මේ වන විට වාර්තා ලැබී ඇති අහඹු ලෙස ලබා ගත් පොල්තෙල් සාම්පල සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේද මෙම නිර්ණායකයට යටත්වයි.

කෙසේවෙතත් මේ වන විට තීරණය කර ඇත්තේ බිලියනයකට අංශු කොටස් 10ක් දක්වා අඩු කිරීමටයි. මෙවැනි තීරණයක් ගැනිමට හේතු වී ඇත්තේ මෙරට තුළ අක්මා පිළිකා ඇතුලු අක්මාව ආශ්‍රීත රෝගී තත්ත්වයන් ඉහල යාමයි.