Wednesday, May 15, 2024

General line - 0115112241

අවුරුදු උණුසුම මැද ජනතාවට කොවිඩ් අමතක වෙයි

මධව කුලසූරිය / රවින්ද්‍ර චන්ද්‍රලාල් / ටී කේ මහින්ද / ටොනී කරුණනායක / මාධව කුලසූරිය




අලුත් අවුරුදු උණුසුම දිනෙන් දින වැඩි වෙද්දී සාප්පු සවාරි සඳහා මහ මගට පිවිසෙන ජනතාවද මේ වන විට ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා. වැඩිම ජනතාවක් රැස් කමින් සිටින්නේ රෙදිපිලි මිලදී ගැනීමටයි. ඒ, කොරෝනා අවධානම රටම තවදුරටත් වෙලාගෙන ඇති බව පවා අමතක කරමින්. බොහෝ පිරිස් මුහුණු ආවරණ පැලද සිටිනු දැක ගත හැකි වුවත් ඒවායින් බහුතරදෙනා පැලද සිටින්නේ නිසි ප්‍රමතියකින් තොරවයි. 

මීටරයක දුර අමතක වී ගිය ජනතාව දෑත් පිරිසිදු කරන්නේද නිසි ක්‍රමවේදයෙන් තොරව බවයි දැක ගත හැකි සුළඹ කරුණ වන්නේ. කොරෝනා වෛරසයට ගොදුරු විය හැකි වැඩි අවධානමක් ඇති වයෝවෘද්ධ ජනතාවද ජනතාව අතර තෙරපෙමින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දැක ගත හැකියි. ඇතැම් පිරිස් කුඩා දරුවන්ද රැගෙන සාප්පු සවාරියේ යෙදෙන අතර ඉන් බහුතරයක් දරුවන් සිටින්නේ මුහුණු ආවරණයක් පවා පැලදගෙන නොමැතිවයි.

මෙම තත්ත්වය දකුණේ මෙන්ම උතුරේද එක හා සමානයි. කොවිඩ් අවධානම ද නොතකා ජනතාව අවුරුදු පිළිගැන්වීමට සැරසෙන ආකාරය පිළිබඳ නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලූ ටෝනි කරුණානායක. 

දකුණු පළාතේ තත්ත්වය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කලා. මේ, මාතර නෙත් නිවුස් වාර්තාරු ටී කේ මහින්ද. 

ගාල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.

යාපනය දිස්ත්‍රික්කයේ පවතින වත්මන් අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද අදහස් පළ කළා. මෙලෙස දිස්ත්‍රික්කය තුළ කොවිඩ් පැතිරීමට හේතුව අනාවරණය කර ඇති බවත් එය පාලනයට පියවර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. 

යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන දිනෙන් දින ඉහල යමින් තිබෙනවා. කෙසේවෙතත් එම තත්ත්වය පවා නොසලකා ජනතාව නගර තුළ රැසකමින් සිටින බවයි ඊයේ සහ අද දිනයේ යාපනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. 

මේ අතර උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ කේතීස්වරන් පැවසුවේ යාපනයේ පෞද්ගලික උපකාරක පන්ති හා විවාහ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් පනවා තිබූ දැඩි තහනම, කොන්දේසි වලට යටත්ව අද සිට ලිහිල් කර ඇති බවයි. 

එහෙත් යාපනයේ සිනමා ශාලා යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමටයි තීරණය කර ඇත්තේ. යාපනයේ බොහෝ ස්ථාන හෙට සිට යළි විවෘත කිරීමට නිර්දේශ කර ඇතත් කිසිදු හේතුවක් මත සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

සාමාන්‍යයෙන් දෙමළ ජනතාව අවුරුදු සමයට චිත්‍රපට නැරඹීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන විනෝදාංශයක් වනවා. ඒ හේතුවෙන් මෙවරද  ජනතාව වැඩි වශයෙන් ඒකරාශීවීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ කේතීස්වරන් පැවසුවේ. 

පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු හා පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.