Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවට පිහිනූ ශ්‍රී ලාංකිකයෙකුගෙන් අලුත් වාර්තාවක්

දිනසේන රතුගමගේ




තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලාංකිකයෙකු අද (11) සමත් වුණා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දරයි. ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3ක් වනවා. ඒ සඳහා ඔහුට ගතවී තිබූ කාලය පැය 28යි විනාඩි 19යි තත්පර 43ක්.

මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ ආනන්ද කුමාර් නැමැති ඉන්දියානු ජාතිකයෙකු වන අතර ඔහුට ඒ සඳහා පැය 51ක පමණ කාලයක් ගතවී තිබුණා. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ පිහිනුම් ශූර රෝෂාන් අබේසුන්දර තලෛමන්නාරම ඌරුතොට ජැටියේ සිට මෙම වාර්තාව තැබීම සඳහා පිහිනීම ආරම්භ කළේ ඊයේ අලුයම 02කටයි. ඔහු ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා යළි තලෛමන්නාරම දක්වා පැමිණියේ අද උදෑසන 07ටයි. තලෛමන්නාරමේ සිට ධනුෂ්කෝඩි දක්වා පිහිනා මීට පෙර බිහි කර තිබූ ආසියානු වාර්තාවද රෝෂාන් අබේසුන්දර විසින් මෙහිදී බිඳ හෙලනු ලැබීමද විශේෂත්වයක්.