Wednesday, May 15, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය කැළඹූ අධිවේගී මගේ තරුණයින් පොලීසියට




සමාජ මාධ්‍ය තුළ දැඩි කථා බහක් මතු කළ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසට හා මෝටර් රථයේ හිමිකරුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෝටර් රථයේ මුල් හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි. ඔහු විසින් එම මෝටර් රථය අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

තමාගේ මෝටර් රථයකින් වුවද තමාට රිසි සේ මාර්ගයේ ධාවනය කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් භැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේද ඇතුලුව සමාජජාල ඔස්සේ ඊයේ සංසරණය සංසරණය වුණා.

මෝටර් රථයේ ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන අනාරක්ෂිත ලෙස ගමන් කර තිබුණා. එය විඩියෝ කර තිබුණේ ඊට පිටුපසින් ගමන් කළ තවත් රථයක සිටි පිරිසක්.