Wednesday, May 15, 2024

General line - 0115112241

කොවිඩ් දෙවන මාත්‍රාව ගැන තීරණාත්මක සාකච්ඡාවක්




කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ඒ අනුව එය ලබාදෙන කාලවකවානුව සම්බන්ධයෙන් අද දිනයේ පැවැත්වෙන විද්වත් කමිටු සාකච්ඡාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

සාමාන්‍යයෙන් පළවෙනි එන්නත ලබාදී සති 10ත් 12ත් අතර කාලයකින් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම කළ යුතු බවටයි පැවසෙන්නේ.

එහෙත් දැනට ගෝලීය වශයෙන් පවතින තත්ත්වය අධ්‍යයනය කරමින් සති 10ත් 12ත් අතර කාලයකින් දෙවන මාත්‍රාව ලබා දෙනවාද නැතහොත් තවත් අතිරේක කාලයක් ඒ සඳහා ලබා ගන්නවාදැයි අද තීරණය කිරීමට නියමිතයි.  

දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් දෙලක්ෂ 30,000ක් පමණ ශ්‍රී ලංකාව තුළ පවතින බවත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් තවත් එන්නත් තොගයක් අප්‍රේල් මාසය අවසානයේ ලැබීමට නියමිත බවත්  සෞඛ්‍ය බලධාරීන් පැවසුවා.