Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාවට පිහිනූ ගුවන් සෙබලා ගිනස් වාර්තාවකට සැරසේ




ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර දැන් ශ්‍රී ලංකාවේ කවුරුත් දන්නා චරිතයක්.

ඒ, ඔහු තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත පැමිණ නව ආසියානු වාර්තාවක් ඊයේ පිහිට වීමත් සමගයි.

මෙම වාර්තාව තැබීමෙන් පසු නෙත් නිවුස් පලමුවරට මෙම දස්කම සම්බන්ධයෙන් නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සිදු කළා.

ඔහු මෙම වාර්තාව තබා ඇත්තේ මුහුද තරමක් රළු ස්භාවයක් ගනිමින් ඇති කාලයක වීමද විශේෂත්වයක්.

තමා මුහුද වටා පිහිනද්දී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදට සිදුව ඇති හානිය පිළිබඳ ලැබු අත්දැකීම් නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මෙලෙස විස්තර කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර ඊයේ මෙම වාර්තාව පිහිට වූයේ කිලෝමීටර 59 දශම 3ක දුරක් පැය 28යි විනාඩි 19යි තත්පර 43කින් පිහිනා යමින්.