Wednesday, May 15, 2024

General line - 0115112241

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට




විදේශ රටවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 1,124 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ අතරට කටාර් රාජ්‍යය හා දෝහා සිට පැමිණි ගුවන් මගීන් 329 දෙනෙකු අයත් වනවා.

එසේ පැමිණි පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රැගෙන ගිය බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

මීට අමතරව මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා චීනය, රුසියාව, ඕලන්දය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් විදේශීය සංචාරකයන් 141 දෙනෙකද මෙරටට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසුවේ ගතවූ පැය 24 ක කාළය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගී ගුවන් යානා 50 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 1,993 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී ඇති බවයි.