Tuesday, May 14, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට 




සපුගස්කන්ද ප්‍රදේශයේ දී අයිස් කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 05 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙම වටලික එකිනෙකට සම්බන්ධ වැටලීම් දෙකකින් ලද තොරතුරු මත සිදුකළ එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙක් සතුව තිබී අයිස් ග්‍රෑම් 100ක් සහ හෙරෝයින් ග්‍රෑම් 100ක් සොයා ගනු ලැබූ බවත් එම සැකකරුගෙන් ලද තොරතුරු මත ඊයේ  දිනයේදී ජා-ඇල ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමකදී අයිස් කිලෝග්‍රෑම් 13ක් සමග සැකකාරියක් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

එම සැකකරුවන් ගෙන් ලද තොරතුරු අනුව සපුගස්කන්ද, රක්ගහවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මේ වන විට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට රැගෙන එමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.