Wednesday, May 15, 2024

General line - 0115112241

අළුත් අවුරුද්ද සමරන ජනතාවට ඉදිරි සතිය ගැන සිහිකැඳවීමක්




අද සහ හෙට ඇතුළු ඉදිරි දින කිහිපය ජනතාවගේ හැසිරීම රටේ අනාගතය තීරණය කරනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉකුත් ජනවාරි හා පෙබරවාරි මාසවල කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවීමට බලපෑවේ නත්තල් සමයේ ජනතාවගේ හැසිරීම බවයි.

යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ අවුරුද්දෙන් පසු යළි කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවධානම වැලැක්වීම සඳහා ජනතාවගේ කැපවීම අතිශය වැදගත් බවයි.

අවුරුදු චාරිත්‍ර හා සිරිත් විරිත් සිදුකිරීමට බාධාවක් නැතත් ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යයෙන්ම ආරක්ෂා කරන ලෙසයි මෙහිදී ජනතාවට දැනුම් දුන්නේ.