Tuesday, May 14, 2024

General line - 0115112241

අළුත් අවුරුද්දේ බන්ධනාගාර රැඳවියන්  බැලීම සීමා කරයි




මෙවර අලුත් අවුරුදු සමයේ බන්ධනාගාර රැඳවියන් බැලීම සීමා කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වෙනත් වර්ෂවල මෙන් අමුත්තන් රාශියකට පැමිණ මෙවර බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව හිමි නොවනු ඇති. මාසයකට එක් රැඳවියෙකුට අමුත්තන් දෙදෙනෙකු බැලීමට පමණක් අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව මාසයකට එක්වරක් ලබාදෙන අවස්ථාව මෙවර සිංහල අවුරුද්දට හිමිවන බවත් අමුත්තන් රැසකට පැමිණ රැඳවියන් හමුවිය නොහැකි බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර, මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අද හා හෙට සිරකරුවන් හා සැකකරුවන් බැලිමට පැමිණෙන ඥාතින්ට නිවසින් රැගෙන එනු ලබන කිසිදු ආහාරයක් ඔවුන්ට ලබා දීමට අවස්ථාව නොලැබෙනු ඇති.