Tuesday, May 14, 2024

General line - 0115112241

පුණ්‍ය කාලය අද රාත්‍රියේ උදාවෙයි




මෙවර අවුරුදු නැකත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද යෙදී තිබෙනවා. ඒ අනුව රාත්‍රී 08 යි 09 සිට හෙට පෙරවරු 08 යි 57 දක්වා පුන්‍ය කාලය බව නැකැත් සීට්ටුවේ සඳහන්. ඒ අනුව රාත්‍රී 08 යි 09 ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙන්ද එහි සඳහන්. අවුරුදු නැකැත් සීට්ටුවේ පුණ්‍ය කාලය වැදගත් වන්නේ ඇයි? මේ, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්.

පුණ්‍ය කාලයේදී ඔබ කටයුතු කල යුත්තේ කෙසේද? 

අළුත් අවුරුදු උදාව සිදුවන්නේ හෙට අලුයම 02 යි 33 ටයි. ඒ අනුව මෙවර අළුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ හෙට  පෙරවරු 06යි 17ටයි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය යන නැකත හෙට පෙරවරු 07යි 41ට යෙදී තිබෙනවා.