Tuesday, May 14, 2024

General line - 0115112241

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000 ලබාදීමට මුදල් ලබා ගත්තේ මෙරට බැංකු පද්ධතියෙන් - රාජ්‍ය ආමත්‍ය ශෙහාන් සේමසිංහ




එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000 ලබාදීමට මුදල් ලබා ගත්තේ මෙරට බැංකු පද්ධතියෙන් බව රජය පවසනවා. මේ සඳහා කිසිදු සමෘද්ධි අරමුදලක් භාවිත නොකළ බවයි නෙත් නිවුස් කළ වීමසීමකදී සමෘද්ධි හා ගෘහ ආර්ථික රාජ්‍ය ආමත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ.

රුපියල් 5,000සේ දීමනාව ලබා දීමට අපේක්ෂිත සමස්ථ පවුල් සංඛ්‍යාව ලක්ෂ 28කට අධිකයි. පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ මෙරට ආර්ථික පද්ධතිය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් ඇති අවස්ථාවක මෙලෙස අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5,000ස බැගින් ගෙවිමට මුදල් සොයාගත්තේ කෙසේදැයි ඇතැම් පාර්ශව ප්‍රශ්ණ කරනවා. නෙත් නිවුස් ඒ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගෙන් විමසීමක් කළා.

ඊයේ දිනයේ ප්‍රදේශ කිහිපයකින් ගැටලු සහගත තත්ත්වයන් වාර්තා වුවද අද දිනයේද රුපියල් 5,000සේ දීමනාව ලබාදීම සිදු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

සමෘද්ධිලාභී පවුල්, අඩු ආදායම්ලාභී පවුල්, වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් මෙන්ම අභියාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ එවැනි පවුල් සඳහා පමණක් මෙම රුපියල් 5,000 දීමනාව ලබා දෙනු ඇති.