Tuesday, May 14, 2024

General line - 0115112241

වෙළඳපලේ ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂාව අද දිනයේත්




වෙළඳපලේ ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂාවන් අද දිනයේද සිදු කෙරෙනවා. මීට පෙර වෙළඳපලේ පවතින පොල්තෙල් සාම්පල 125 ක් පරීක්ෂාවන් සඳහා යොමු කළ අතර ඉන් 109 ක ප්‍රථිපල නිකුත් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ. එම සාම්පල 109 යේ පිළිකා කාරක නොමැති බවට අනාවරණ වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. 

වෙළඳපලේ ඇති ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී පැහැදිළි කෙරුණා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ප්‍රමිතියෙන් යුතු දේශීය පොල්තෙල් තරු සලකුණු යටතේ මේවනවිට අපනයනය කෙරෙන බවයි. එවැනි පොල්තෙල් දේශීය වෙළඳපලේ පවතින අතර ප්‍රමිතියෙන් යුත් පොල්තෙල් හඳුනා ගැනීමට ඉදිරියේදී ඒවාට ද තරු සලකුණු හඳුන්වා දී වෙළඳපලට නිකුත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.