Tuesday, May 14, 2024

General line - 0115112241

බොහෝ ප්‍රදේශවලට අදත් වැසි




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී හෙට දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දහවල් 12.10 ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කඩු හා ආන්දන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.