Tuesday, May 14, 2024

General line - 0115112241

පෞද්ගලික බස්රථ රියදුරන්ට තවත් පුහුණුවක්

කමල් සුරවීර




පෞද්ගලික බස්රථ රියදුරන් සඳහා විශේෂ පරීක්ෂණයක් පවත්වා ඉන් සමත්වන රියදුරන්ට නේවාසික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම පුහුණු කටයුතු සඳහා රියදුරු ගම්මාන ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. 

පෞද්ගලික බස්රථ රියදුරන්ට සාපේක්ෂව ලංගම බස්රථ රියදුරන් අතින් සිදුවන රථවාහන අනතුරු අවම මට්ටමක පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.