Tuesday, May 14, 2024

General line - 0115112241

ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්




මෙරටින් ඊයේ දිනයේදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 263 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එලෙස හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 67 ක්. එම ආසාදිතයින් අතරින් 24 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 22 දෙදෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගෙන තිබෙනවා. විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු  පුද්ගලයින් 38 දෙනෙකු ද ඊයේ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරට අයත්. 

මේ අතර අලුත් අවුරුදු උදාව සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කළද, නිරෝධායන රෙගුලාසි නියමිත පරිදි අනුගමනය කිරීමට පියවර ගන්නැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.