Tuesday, May 14, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් අවුරුදු චාරිත්‍ර මෙවර සෙංකඩගල සිට




අළුත් අවුරුදු උදාව පිළිගැනීම සඳහා මේවනවිට සියලුදෙනා සූදානමින් සිටිනවා. මෙවර නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය අද රාත්‍රී 08 යි 09 ට උදාවන අතර එය අවසන් වන්නේ හෙට පෙරවරු 08 යි 57 ටයි. ඒ අනුව අද රාත්‍රී 08 යි 09 ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ. 

හෙට අලුයම 02 යි 33 ට අළුත් අවුරුදු උදාව සිදුවන අතර ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ හෙට පෙරවරු 06 යි 17 ටයි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය යන නැකත හෙට පෙරවරු 07 යි 41 ට යෙදී තිබෙනවා. මේ අතර නෙත් එෆ් රේඩියෝව මෙවර සියලු නැකැත් චාරිත්‍ර සිදුකරන්නේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ මහනුවර, දන්තුරේ, දෙල්දෙණිය පිහිටි කොබ්බෑකඩුව වලව්වේ සිටයි. එහි සූදානම පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්. 

මේ අතර මෙවර අළුත් අවුරුදු උදාවේ සියලු නැකැත්වලින් පසු විශේෂ ආශිර්වාද සෙත්කවි ප්‍රචාරය කිරීමට ද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.