Tuesday, May 14, 2024

General line - 0115112241

නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම සදහා අද සහ හෙට විශේෂ මෙහෙයුමක්




නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම සදහා අද සහ හෙට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. අද සහ හෙට සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබිය යුතු අතර එය උල්ලංඝනය කරන මත්පැන් අලෙවිසැල්, මුද්‍රා තැබීමට පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්මේන්තුව පැවසුවේ.

මේ පිළිබද නිරීක්ෂණය සදහා සුරාබදු නිලධාරීන් 1200 දෙනෙකු පමණ යොදවා සිටින බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාර නෙත් නිවුස් වෙත සදහන් කළා.

කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය ලබන 23 වනදා දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා. කෙසේවෙතත්, නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ළගම සුරාබදු නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.