Tuesday, May 14, 2024

General line - 0115112241

කරුංකා ප්‍රතිඅපනයනයට ව්‍යාජ ලේඛණ සැකසූ රේගු නිලධාරියෙක් අත්අඩංගුවට




ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ කරුංකා කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බව හගවා ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට තැත් කළ සහකාර රේගු නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කරුංකා තොගයේ වටිනාකම රුපියල් මිලියන 300 කට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.