ජීවිත 31 ක් බිළිගත් මීතොටමුල්ල කසල කන්ද නායයාමේ ඛේදවාචකයට අදට වසර 04 ක් සපිරෙනවා. කසල කන්ද නායයාමෙන් නිවාස අහිමි වූ සිය පවුල්වලට යළි නිවාස හිමිවුවද, තමන්ට අයත්ව තිබූ රථවාහන ඇතුළු සෙසු දේපළවලට කිසිඳු වන්දියක් මෙතෙක් නොලැබුණු බවයි ඉන් පීඩාවට පත්වූ ජනතාව සඳහන් කළේ.
මෙම ඛේදවාදකයෙන් පීඩාවට පත් පවුල්වලට සැලකිය යුතු සාධාරණයක් ඉටු නොවූ බවයි එහි වින්දිතයෙකු වූ විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීවරයෙකු සඳහන් කළේ.
මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් පසු යහපාලන ආණ්ඩුව එහි ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කෙරුණ ද ඒවා මේ දක්වා ප්‍රතිපල ගෙනදෙන මට්ටමක නොමැති බවයි මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ සඳහන් කළේ.
මේ, එම චෝදනාවට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් මරික්කාර්.