Saturday, May 11, 2024

General line - 0115112241

වාහන 08ක් එකිනෙක ගැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් 




දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වන ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ වාහන 08ක් එකිනෙක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන වලට වේග සීමාවකින් යුක්තව වාහන ධාවනය කරන ලෙසට රියැදුරන් ගෙන් ඉල්ලා සිටින බවයි මහා මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ.

අනතුරෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.