142 වන නිල් මහ සටන ලබන මැයි මස 6 වනදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පවතින කොරෝනා තත්ත්වය හමුවේ කිසිදු ප්‍රේක්ෂකයෙකුගේ සහභාගිත්වයෙන් තොරව කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විiාලය අතර එම තරගය පැවැත්වෙනවා.
පාසල් දෙක අතර එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් තරගය මෙවර නොපැවැත්වෙන අතර එය පන්දුවාර 20 තරගයක් ලෙස පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ මැයි මස 10 වනදායි.
මෙතෙක් පැවති සම්ප්‍රදායෙන් පරිභාහිරව කොළඹින් පිටත නිල් මහ සටන පැවැත්වෙන්නේ පළමු වරටයි. ලොව දෙවන දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලිය වන්නේනේද කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරගයයි.
නිල්මහ සටන සදහා 10 වන වරටත් අනුග්‍රහය ලබාදෙන්නේ ඩයලොග් ආසිආටා පී එල් සී සමාගමයි.