Saturday, May 11, 2024

General line - 0115112241

ඇමරිකාවෙන් ඇෆ්ගනිස්තානයට අලුත් උපායක්




ඇෆ්ගනිස්තානයේ සිටින තම  හමුදා ඉවත් කර ගත්තද ඒ වෙනුවට වෙනත් යුද උපායන් ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සූදනම් වන බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් 11 වනදා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ සැප්තැම්බර් මස 11 වනදා වන වි⁣ට ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා බවයි.

කෙසේවෙතත් ,එය ඇමරිකාව සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්තානය හැරයාමක් නොවන බව පෙන්ටගන ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව ඇමරිකානු බුද්ධි අංශ සහ අධිතාක්ෂණික හමුදා ඛණ්ඩ විසින් සැප්තැම්බර් මස 11 ට පසුවද පුලුල් මෙහෙයුම් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

එය මේ වනවිට ඇමරිකානු හමුදා ඉරාකයේ රැදී නොසිටියත් විවිධ උපක්‍රම හරහා එහි යුද කටයුතු හැසිරවීම වැනි තත්වයක් වනු ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.