Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දියාව කොරෝනා ව්‍යාප්තිය අමිහිරි ලෝක වාර්තාවක් අතරට




ඉන්දියාව කොරෝනා ව්‍යාප්තියේ අමිහිරි ලෝක වාර්තාවක් අතරට අද එක් වුණා. ඒ, ලොව පුරා රටවල් අතරින් දෛනිකව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අඛණ්ඩව දින 04ක් තුළ වාර්තා වු පළමු රට බවට පත්වෙමින්. ඊට හේතු වුයේ ඊයේ දිනයේද ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් තුන් ලක්ෂ 49,691 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 17 සීමාවටද ආසන්න වී තිබෙනවා. 

ඉන්දියාවේ බොහෝ රෝහල් මේ වන විටත් ආසාදිතයින්ගෙන් පිරී යමින් තිබෙනවා. රෝහල් පද්ධතිය තවදුරටත් වෙහෙසෙන්නේ ඔවුන්ට ප්‍රමාණවත් ඔක්සිජන් ලබා දීමටයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව, දැඩි අවධානම් ප්‍රදේශවෙත සැපයුම් රැගෙන යාමට ගුවන් හමුදාවේ මෙන්ම එරට දුම්රිය දෙපාර්තමේන්තුවේද උපරිම සහය ලබාගෙන තිබෙනවා.

ඉන්දියාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන අමෙරිකාව පවසා ඇත්තේ ඉන්දියාවට අවශ්‍ය උපරිම සහය සහ සැපයුම් කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවයි.