Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 04කට ආසන්න වෙයි




මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 ට ආසන්න වෙමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගතවු පැය 24 දීද, ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් තුන්ලක්ෂ 86,000 ක් වාර්තා වුණා. ඒ, කොරෝනා මරණ 3,501 ක්ද සමගින්.

ගතවූ පැය 24 දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 24,235 ක්. වෛරසය ආසාදිතව දිල්ලි ප්‍රාන්තය තුළ දෛනිකව මියයන පුද්ගලයිනේ සංඛ්‍යාව ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. ඒ හමුවේ එම මළ සිරුරු ආදාහනයට ස්ථාන නොමැතිව දිල්ලි බලධාරීන් තවදුරටත් ගැටළු රැසකට මුහුණ පා ඇතැයි සඳහන්. 

මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අසූහත් ලක්ෂ 54,984 ක්. කොරෝනා මරණ දෙලක්ෂ 8,300 ක්ද මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වනවා.