Tuesday, May 14, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් පිලට අවසන් පන්දුවේදී විස්මිත ජයක්




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සූපර් කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී අවසන් පන්දුවේදී විශ්මිත ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. කිරන් පොලාඩ්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දිල්ලිහිදී පැවති මෙම තරගය ජය ගත්තේ කඩුලු 04කින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 218ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා සහ ක්වින්ටන් ඩිකෝක් පළමු කඩුල්ලට එක්කල ලකුණු සබඳතාව  ලකුණු 71ක්. 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් ලබා ගත යුතුව ත‘ිබුණා. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ලුංගි ගිදිගේ දෙවන සහ තුන්වන පන්දුවලට පිට පිට 04 පහර එල්ල කිරීමට කිරන් පොලාඩ් සමත් වුණා. අනතුරුව 05 වන පන්දුවේදී 06 පහරක් එල්ල කරමින් කිරන් පොලාඩ් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රාහි බලාපොරොත්තුවක් ඇති කළා. ඒ අනුව අවසන් පන්දුවේදී ජයග්‍රහනය සඳහා ලකුණු 02ක් අවශ්‍ය වූ අතර කිරන් පොලාඩ් එම ලකුණු 02 වාර්තා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

මෙම හඹායාම වාර්තා වුයේ අයි පී එල් ඉතිහාසයේ තරගයක් හඹා ගොස් ජය ගත් දෙවන ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි. සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ කිරන් පොලාඩ් පන්දු 34කදී 06 පහර 08ක් සහ 04 පහර 06ක් සමගින් නොදැවී ලකුණු 86 රැස් කළා.